Software of the Week| සතියේ මෘදුකාංගය

ක්රැප් ක්ලීනර් නැතහොත් සීක්ලීනර් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි යුටිලිටි වැඩසටහනකි. තවදුරටක් අවශ්‍ය නොවන පරිගණකය තුළ සෑදෙන ටෙම්පරි ෆයිල්ස් පරිගණකයෙන් ඉවත්කරගැනිමත්, පරිගණකය ආරම්භවන අවස්ථාවේ ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් නවත්වා දැමීමත්, පරිගණකයේ ස්ථාපනය කර ඇති වැඩසටහන් අන්ඉන්ස්ටෝල් කිරීම, අනවශ්‍ය රෙජිස්ට්‍රි එන්ට්‍රීස් ඉවත් කිරීම යනාදි දේ මෙමගින් සිදුකර පරිගණකය උපරිම තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට උපකාරීවේ.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

සොයන්න

Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Tuesday, January 10, 2012

ඔෆිස් නොයා ඔෆිස් වැඩ කරමු



මයික්‍රොසොෆ්ට් ඔෆීස් කියන්නෙ කවුරුත් හොඳින් හඳුනන ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංග කට්ටලයක්. මේ වන විට නිකුත් කරලා තියෙන අලුත්ම සංස්කරණය වෙන්නෙ ඔෆීස් 2010. ඒවගෙමයි මීළඟ ඔෆිස් පැකේජ සංස්කරණය බොහෝවිට වසර 2014 දී නිකුත් වීමට ඉඩ තිබෙනවා.


මේ කියන්න යන්නෙ ඔෆිස් 2010 ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් හෝ ලින්ක් එකක් ගැන නම් නෙවෙයි. එහෙම ලිපි, පෝස්ට් පරිගණක උදවු තුළත් අන්තර්ජාලයෙත් බොහෝවිට පළ වෙනවානේ. පරිගණක උදවු Exclusives 11 වැනි ලිපියෙන් කියන්න හදන්නේ ඔෆීස් 2010 Install නොකරම එයින් වැඩගන්නා හැටියි.

බොහෝ අය දන්නවාත් ඇති. නොදන්න අයත් ඇති.

ෆේස්බුක් එකේ ඔබේ ඉන්බොක්ස් එකට එන මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්, පවර්පොයින්ට් වැනි ෆයිල්ස් සඳහා පුංචි මෙනු එකක් ලැබෙනවා ඔබ දැක ඇති. එහි තිබෙනවා View on Office.com කියලා විකල්පයක්.


ඔබ මේ විකල්පය තේරුවොතින්, ඔබට එවා ඇති ෆයිල් එක www.office.microsoft.com වෙබ් අඩවියේ අදාල Web Application එක හරහා විවෘත වී පෙනෙනු ඇති. අද කියන්නේ මේ විදියට ෆේස්බුක් ඉන්බොක්ස් එකට එන ෆයිල් එකක් ඕපන් කරගන්න හැටි නම් නෙමෙයි. ඒක දැනටමත් කියලා ඉවරයිනේ. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔෆිස් 2010 පැකේජය පරිගණකයේ ස්ථාපනය නොකරම ඔෆිස් වැඩසටහන් වලින් ෆයිල්ස් හදාගන්නා හැටි ගැනයි.


පසුගිය වසරේ කාගේත් කතාබහට ලක් වුණු සංකල්පයක් තමයි Cloud Computing කියන්නේ. මෙයින් සරලවම කීවොත් අදහස් වන්නෙ හැම වෙලාවකම ළඟ තබාගෙන නොසිට, පරිගණකයේ හාඩ් ඩිස්ක් එක මෘදුකාංග වලින් පුරවාගෙන නොසිට, අවශ්‍ය වේලාවට පමණක් අන්තර්ජාලය හරහා ලබාගෙන ප්‍රයෝජනයට ගතහැකි මෘදුකාංග හා සේවා ගැනයි. ඔබේ ඊමේල් ගිණුම, ෆේස්බුක් වගේම මේ කියන කතාවත් එක්තරා ආකාරයකින් මේ Cloud Computing තාක්ෂණයට ඍජුවම නෑකම් කියනවා. ඒ Cloud Computing සංකල්පයේ එන SaaS (Software as a Service) ගණයේ සේවාවක් සපයමින්.


ඔෆීස් නොයා ඔෆිස් එකෙන් වැඩ කරමු.....
හරි පටන්ගමු..

මෙම ලිපිය කියවන ඔබේ පහසුව සඳහා පහත සඳහන් තේමා 3 ඔස්සේ ගොනුකරන්නම්.

1) Windows Live/Sky Drive එකවුන්ට් එකට ලොග්වීම
2) Files සෑදීම
3) Files විවෘත කිරීම

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
1) Windows Live/Sky Drive එකවුන්ට් එකට ලොග්වීම

මේ සඳහා අවශ්‍ය කරන්නෙ Windows Live ID එකක් පමණයි.

Windows Live ID එකක් ඔබට නොමැතිනම් පමණක් පහත පියවර අනුගමනය කරන්න....
  1. https://signup.live.com වෙත යන්න.
  2. තොරතුරු අදාල පරිදි ඇතුළත් කොට (දුරකථන අංකය අවශ්‍ය නොවේ)  මත ක්ලික් කරන්න.
  3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුමට ගොස් Windows Live Team වෙතින් එවා ඊමේල් පණිවුඩයේ ඇති “Use this link to verify your account“ ලින්ක් එක මත ක්ලික් කර Verify කරගන්න.
  4. අවසාන වශයෙන් “Your email address is verified“ ලෙස දිස්වන වෙබ් පිටුවෙහි ඇති  මත ක්ලික් කරන්න.

Windows Live ID එකක් ඔබට ඇතිනම් (හෝ අලුත් ID එකක් සාදාගෙන පසුව අවස්ථාවක ලොග් වීමේදී) පහත පියවර අනුගමනය කරන්න....(ඉහත ආකාරයෙන් මුල් වරට ලොග්වීමේදී මෙම පියවර නොසලකන්න)
  1. https://skydrive.live.com/ වෙත යන්න.
  2. ඔබේ Windows Live ID එක සහ පාස්වර්ඩ් එක ලබාදී  මත ක්ලික් කරන්න.


දැන් ඔබ ඔබේ Windows Live ගිණුමට ලොග්වී හමාරයි.


මෙහි Hotmail, Messenger, MSN වැනි සේවා කීපයක්ම ඇතත් අපි අද අවධානය යොමුකරන්නේ මෙහි ඇති Sky Drive නැමැති සේවාව පිළිබඳවයි. 


Sky Drive යනු මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ ලබාදෙන Online Storage සේවාවයි. මෙයින් ගිගාබයිට් 25ක ඉඩක් නොමිලේ සැපයෙනවා. මෙහිද අනෙකුත් සේවා සහ විකල්ප බොහොමයක් ඇතත් අපිමෙයින් අවධානය යොමුකරන්නේ Sky Drive මෙනුවෙහි ඇති Office Files සෑදීමේ විකල්ප පිළිබඳවයි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


2) Files සෑදීම

පළමුව ඔබේ Windows Live ගිණුමෙහි ඇති Sky Drive මෙනුව මතට මවුස් පොයින්ටර් එක තබන්න. එවිට මතුවන මෙනුවේ පහළින්ම පහත සඳහන් විකල්ප දිස්වනු ඇති.


දැන් අප මින් එක් විකල්පයක් තෝරාගෙන ඉදිරියට යමු. මා තෝරාගන්නේ New Word Document විකල්පයයි. අලුත් වර්ඩ් ඩොකියුමන්ට් එකක් සෑදීමේ විකල්පය තේරීමෙන් පසු පළමුව කළ යුත්තේ ඒ සඳහා නමක් ලබා දීමයි.

 

නම ලබාදීමෙන් පසුව Create මත ක්ලික් කරන්න.

ඉන්පසුව ඔබේ ඩොකියුමන්ට් එක office.com හි Word Web Application එක සමග විවෘත වී පෙනෙනු ඇති. 

ඒ ඇත්තේ Microsoft Office 2010 හි Word අතුරුමුහුණතයි. මෙහි සාමාන්‍යයෙන් ඇති ටැබ්ස් වලින් කීපයක් පමණක් දිස්වේ. නමුත් සාමාන්‍ය ලිපි සැකසුම් කටයුත්තක් සඳහා මෙම පහසුකම් ප්‍රමාණවත් වේ.

Home ටැබ් එක තුළ Clipboard, Font, Paragrapgh, Styles සහ Spelling යන Groups තිබේ.


Insert ටැබ් එක තුළ Tables, Pictures, Links යන Groups තිබේ.


View ටැබ් එක තුළ Document Views සහ Authors යන Groups තිබේ.

මෙම විකල්ප වලින් ඔබට සාමාන්‍ය වර්ඩ් තුළ හුරු පුරුදු ආකාරයෙන්ම ප්‍රයෝජන ලබාගත හැකියි.

එසේම File ටැබ් එකෙන් ලැබෙන මෙනුවෙන් මෙම ෆයිල් එකට අදාලව Save, Print, Share ආදී පහසුකම් ලබාගත හැකියි. මෙයින් සේව් කරගනු ලබන ෆයිල්ස් ඔබේ Sky Drive (https://skydrive.live.com) තුළ සුරැකේ.

අවශ්‍යනම් Open in Word පහසුකම හරහා අදාල වර්ඩ් ෆයිල් එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇති වර්ඩ් ඇප්ලිකේෂන් එකෙන් විවෘත කරගැනීමද කළ හැක. මෙය File මෙනුවෙන් මෙන්ම Home ටැබ් එකෙහි ඇති Button එකෙන්ද කරගත හැකියි.


එසේම අක්ෂර වින්‍යාස පරීක්ෂාව සඳහා අවශ්‍යවන භාෂාව තේරීමද Home ටැබ් එකේ Spelling button එකෙන් සිදු කළ හැකියි. ඒසඳහා ඔබ විසින් Set Proofing Language තෝරා අදාල භාෂාව තේරිය යුතුයි. (English US තේරීම සුදුසුයි).


ඉහත කොටසින් විස්තර කළේ Sky Drive හරහා වර්ඩ් ෆයිල් එකක් නිර්මාණය කරගන්නා හැටියි. මේ ආකාරයෙන්ම Excel, Powerpoint සහ Onenote ෆයිල්ද සාදාගත හැකියි. ඒවාද Sky Drive තුළම සේව් කර පසුව අවශ්‍යනම් ඕනෑම තැනක ඇති අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණකයකට භාගත කර හෝ නොකර වැඩ ගත හැකියි.

ඉහත ක්‍රමයට අමතරව Office.com (http://office.microsoft.com/en-us/) හරහාද ෆයිල්ස් සෑදිය හැකියි. නමුත් මෙහිදීද ඔබ යා යුත්තේ (Windows Live ID එකක් හරහා ලොග්වී) Sky Drive වෙතම නිසා ඉහත ක්‍රමයම භාවිතා කිරීම වඩාත් හොඳයි.


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


3) Files විවෘත කිරීම

මේ සඳහා ක්‍රම කීපයක් තිබෙනවා. එකක් නම් මා ඉහතින් සදහන් කළ ෆේස්බුක් ඉන්බොක්ස් එකට ලැබෙන ෆයිල්ස් සඳහා ඇති View on Office.com පහසුකම භාවිතා කිරීම.නැතහොත් දැනටමත් Sky Drive තුළ ඇති ෆයිල්ස් විවෘත කිරීමද Sky Drive තුළ ඇති එම ෆයිල් එක ක්ලික් කිරීමෙන් කළ හැකියි.

එසේත් නැත්නම් ඔබට අවශ්‍ය ෆයිල් එක ඔබේ පරිගණකයෙන් Sky Drive වෙත Upload කොට පහසුවෙන්ම එතැනින් නැවතත් Web Application එක හරහා විවෘත කරගත හැකියි.



ඉහත ක්‍රමයට අමතරව Office.com (http://office.microsoft.com/en-us/) හරහාද ෆයිල්ස් විවෘත කළ හැකියි. නමුත් මෙහිදීද ඔබ යා යුත්තේ (Windows Live ID එකක් හරහා ලොග්වී) Sky Drive හි Documents ෆෝල්ඩරය වෙතම නිසා ඉහත ක්‍රමය සහ මෙහි වැඩි වෙනසක් නැත.


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

මම හිතන්නෙ බොහෝදෙනෙකුට මේක ප්‍රයෝජනවත් ‍වේවි. නිතර භාවිතාවේදී කෙසේ වෙතත් හදිසියකදී ඔෆීස් නොමැති තැනත කාර්යයක් කරගැනීමට සිදු වූවොත් අනිවාර්යයෙන්ම මේ ගැන දැනගෙන සිටීම වැදගත් වේවි. එතකොට මාවත් මතක් වෙයි නේද :)

ටිකක් හදිසියෙන් වුණත් මේ ලිපියෙන් මූලික වශයෙන්ම විස්තර කළේ ඔෆීස් පැකේජය ඉන්ස්ටෝල් නොකරම ඉන් වැඩගතහැකි එක් ක්‍රමයක් පිළිබඳවයි. මෙවැනි තවත් ක්‍රම පිළිබඳ ඔබ දැනුවත්නම් ඒවාද කමෙන්ට්ස් තුළ සඳහන් කරන මෙන් ඉල්ලමින් නවතින්නම්.

CD Burn කරන්න Nero ඕනෙමද?


ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන කතා කරද්දි Nero මෘදුකාංගයත් අපිට නැතිවම බැරි වෙලා. ඒතරමට අපි නීරෝට වහවැටිලා! කොටින්ම කීවොත් මම මේ මහන්සිවෙලා කියන්න යන මෘදුකාංගය නිකමට අත්හදාබලන්න නොසිතෙන තරමට ඒ ඇබ්බැහිය ප්‍රබල වෙන්න පුලුවන්.

හැබැයි පරිගණක උදවු යාලුවො අලුත් අලුත්දේ හොයන අයනෙ නේද :)...  

CD Burn කරන්න Nero ඕනෙමද? - CD Burn කරන්න Neroම ඕනෙද?

මේ කියන්න යන්නේ සියලු පහසුකම් වලින් යුත් නොමිලේ ලබාදෙන බර්නිං මෘදුකාංගයක් ගැනයි. සමහරු භාවිතා කරනවත් ඇති. දන්නවත් ඇති. මෙය 100%ක් නොමිලේ ලබාදුන්නත් Audio CD, VCD, DVD, Data, Image Burning වගේම data erasing, Image සෑදීම, Image Mount කිරීම යනාදි අවශ්‍ය සියලුම පහසුකම්වලින් පරිපූර්ණ මෘදුකාංගයක්. එසේම මෙය ඔබට කිසිදු ගෙවීමකින් හෝ අවසරයකින් තොරව “නොමිලේ“ බෙදාහැරීමද කළ හැකියි.

“StarBurn”
මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණය මෙතැනින් නොමිලේම ලබාගන්න පුලුවන්. ප්‍රමාණයෙන් එය 14MB ක් පමණයි.

ස්ථාපනය කරගැනීමෙන් පසුව සාමාන්‍ය පරිදි Start මෙනුවෙන් StarBurn තේරීමෙන් විවෘත කරගත හැකියි.


මෙහි ප්‍රධාන අතුරුමුහුණත ඉතා සරල අපිට හුරුපුරුදු කොටස් කීපයකින් යුක්තයි. ඉහළ සහ වම් පසින් ඇති ටාස්ක් පේන් භාවිතා කර ඔබට අවශ්‍ය කාර්යයන් ඉටුකරගත හැකියි. මේ කාර්යයන් නම් වශයෙන් මෙසේයි.

Audio Tasks
  • Audio CD Burn කිරීම
  • Audio CD පරිගණකයට කොපි කිරීම
  • WAV මාදිලියේ Audio ගොනු MP3 හෝ OGG මාදිලි වලට හැරවීම


Video Tasks
  • VCD/SVCD සහ DVD Burn කිරීම


Data Tasks
  • Data ආකාරයෙන් CD/DVD Burn කිරීම
  • Images Burn කිරීම
  • CD/DVD වලින් Image සැකසීම


Erase Tasks
  • CD/DVD මකාදැමීම


StarPort
  • ISO Images Mount කිරීම සම්බන්ධ දේ මීට අයත් වේ.

මෙම මෘදුකාංගයේ සියලුම තොරතුරු සහා කාර්යයන් සිදුකරන ආකාරය රූපසටහන් ආධාරයෙන් පියවරෙන් පියවර දැනගැනීමට ඔබේ හෙල්ප් මෙනුවෙන් StarBurn Help තෝරන්න.

නැතහොත් මෙම සබැඳියට පිවිසෙන්න.