Software of the Week| සතියේ මෘදුකාංගය

ක්රැප් ක්ලීනර් නැතහොත් සීක්ලීනර් ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි යුටිලිටි වැඩසටහනකි. තවදුරටක් අවශ්‍ය නොවන පරිගණකය තුළ සෑදෙන ටෙම්පරි ෆයිල්ස් පරිගණකයෙන් ඉවත්කරගැනිමත්, පරිගණකය ආරම්භවන අවස්ථාවේ ක්‍රියාත්මක වන අනවශ්‍ය වැඩසටහන් නවත්වා දැමීමත්, පරිගණකයේ ස්ථාපනය කර ඇති වැඩසටහන් අන්ඉන්ස්ටෝල් කිරීම, අනවශ්‍ය රෙජිස්ට්‍රි එන්ට්‍රීස් ඉවත් කිරීම යනාදි දේ මෙමගින් සිදුකර පරිගණකය උපරිම තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට උපකාරීවේ.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions..

සොයන්න

Tuesday, January 10, 2012

ඔෆිස් නොයා ඔෆිස් වැඩ කරමු



මයික්‍රොසොෆ්ට් ඔෆීස් කියන්නෙ කවුරුත් හොඳින් හඳුනන ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංග කට්ටලයක්. මේ වන විට නිකුත් කරලා තියෙන අලුත්ම සංස්කරණය වෙන්නෙ ඔෆීස් 2010. ඒවගෙමයි මීළඟ ඔෆිස් පැකේජ සංස්කරණය බොහෝවිට වසර 2014 දී නිකුත් වීමට ඉඩ තිබෙනවා.


මේ කියන්න යන්නෙ ඔෆිස් 2010 ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් එකක් හෝ ලින්ක් එකක් ගැන නම් නෙවෙයි. එහෙම ලිපි, පෝස්ට් පරිගණක උදවු තුළත් අන්තර්ජාලයෙත් බොහෝවිට පළ වෙනවානේ. පරිගණක උදවු Exclusives 11 වැනි ලිපියෙන් කියන්න හදන්නේ ඔෆීස් 2010 Install නොකරම එයින් වැඩගන්නා හැටියි.

බොහෝ අය දන්නවාත් ඇති. නොදන්න අයත් ඇති.

ෆේස්බුක් එකේ ඔබේ ඉන්බොක්ස් එකට එන මයික්‍රොසොෆ්ට් ඔෆිස් වර්ඩ්, පවර්පොයින්ට් වැනි ෆයිල්ස් සඳහා පුංචි මෙනු එකක් ලැබෙනවා ඔබ දැක ඇති. එහි තිබෙනවා View on Office.com කියලා විකල්පයක්.


ඔබ මේ විකල්පය තේරුවොතින්, ඔබට එවා ඇති ෆයිල් එක www.office.microsoft.com වෙබ් අඩවියේ අදාල Web Application එක හරහා විවෘත වී පෙනෙනු ඇති. අද කියන්නේ මේ විදියට ෆේස්බුක් ඉන්බොක්ස් එකට එන ෆයිල් එකක් ඕපන් කරගන්න හැටි නම් නෙමෙයි. ඒක දැනටමත් කියලා ඉවරයිනේ. මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඔෆිස් 2010 පැකේජය පරිගණකයේ ස්ථාපනය නොකරම ඔෆිස් වැඩසටහන් වලින් ෆයිල්ස් හදාගන්නා හැටි ගැනයි.


පසුගිය වසරේ කාගේත් කතාබහට ලක් වුණු සංකල්පයක් තමයි Cloud Computing කියන්නේ. මෙයින් සරලවම කීවොත් අදහස් වන්නෙ හැම වෙලාවකම ළඟ තබාගෙන නොසිට, පරිගණකයේ හාඩ් ඩිස්ක් එක මෘදුකාංග වලින් පුරවාගෙන නොසිට, අවශ්‍ය වේලාවට පමණක් අන්තර්ජාලය හරහා ලබාගෙන ප්‍රයෝජනයට ගතහැකි මෘදුකාංග හා සේවා ගැනයි. ඔබේ ඊමේල් ගිණුම, ෆේස්බුක් වගේම මේ කියන කතාවත් එක්තරා ආකාරයකින් මේ Cloud Computing තාක්ෂණයට ඍජුවම නෑකම් කියනවා. ඒ Cloud Computing සංකල්පයේ එන SaaS (Software as a Service) ගණයේ සේවාවක් සපයමින්.


ඔෆීස් නොයා ඔෆිස් එකෙන් වැඩ කරමු.....
හරි පටන්ගමු..

මෙම ලිපිය කියවන ඔබේ පහසුව සඳහා පහත සඳහන් තේමා 3 ඔස්සේ ගොනුකරන්නම්.

1) Windows Live/Sky Drive එකවුන්ට් එකට ලොග්වීම
2) Files සෑදීම
3) Files විවෘත කිරීම

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
1) Windows Live/Sky Drive එකවුන්ට් එකට ලොග්වීම

මේ සඳහා අවශ්‍ය කරන්නෙ Windows Live ID එකක් පමණයි.

Windows Live ID එකක් ඔබට නොමැතිනම් පමණක් පහත පියවර අනුගමනය කරන්න....
  1. https://signup.live.com වෙත යන්න.
  2. තොරතුරු අදාල පරිදි ඇතුළත් කොට (දුරකථන අංකය අවශ්‍ය නොවේ)  මත ක්ලික් කරන්න.
  3. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුමට ගොස් Windows Live Team වෙතින් එවා ඊමේල් පණිවුඩයේ ඇති “Use this link to verify your account“ ලින්ක් එක මත ක්ලික් කර Verify කරගන්න.
  4. අවසාන වශයෙන් “Your email address is verified“ ලෙස දිස්වන වෙබ් පිටුවෙහි ඇති  මත ක්ලික් කරන්න.

Windows Live ID එකක් ඔබට ඇතිනම් (හෝ අලුත් ID එකක් සාදාගෙන පසුව අවස්ථාවක ලොග් වීමේදී) පහත පියවර අනුගමනය කරන්න....(ඉහත ආකාරයෙන් මුල් වරට ලොග්වීමේදී මෙම පියවර නොසලකන්න)
  1. https://skydrive.live.com/ වෙත යන්න.
  2. ඔබේ Windows Live ID එක සහ පාස්වර්ඩ් එක ලබාදී  මත ක්ලික් කරන්න.


දැන් ඔබ ඔබේ Windows Live ගිණුමට ලොග්වී හමාරයි.


මෙහි Hotmail, Messenger, MSN වැනි සේවා කීපයක්ම ඇතත් අපි අද අවධානය යොමුකරන්නේ මෙහි ඇති Sky Drive නැමැති සේවාව පිළිබඳවයි. 


Sky Drive යනු මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ ලබාදෙන Online Storage සේවාවයි. මෙයින් ගිගාබයිට් 25ක ඉඩක් නොමිලේ සැපයෙනවා. මෙහිද අනෙකුත් සේවා සහ විකල්ප බොහොමයක් ඇතත් අපිමෙයින් අවධානය යොමුකරන්නේ Sky Drive මෙනුවෙහි ඇති Office Files සෑදීමේ විකල්ප පිළිබඳවයි.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


2) Files සෑදීම

පළමුව ඔබේ Windows Live ගිණුමෙහි ඇති Sky Drive මෙනුව මතට මවුස් පොයින්ටර් එක තබන්න. එවිට මතුවන මෙනුවේ පහළින්ම පහත සඳහන් විකල්ප දිස්වනු ඇති.


දැන් අප මින් එක් විකල්පයක් තෝරාගෙන ඉදිරියට යමු. මා තෝරාගන්නේ New Word Document විකල්පයයි. අලුත් වර්ඩ් ඩොකියුමන්ට් එකක් සෑදීමේ විකල්පය තේරීමෙන් පසු පළමුව කළ යුත්තේ ඒ සඳහා නමක් ලබා දීමයි.

 

නම ලබාදීමෙන් පසුව Create මත ක්ලික් කරන්න.

ඉන්පසුව ඔබේ ඩොකියුමන්ට් එක office.com හි Word Web Application එක සමග විවෘත වී පෙනෙනු ඇති. 

ඒ ඇත්තේ Microsoft Office 2010 හි Word අතුරුමුහුණතයි. මෙහි සාමාන්‍යයෙන් ඇති ටැබ්ස් වලින් කීපයක් පමණක් දිස්වේ. නමුත් සාමාන්‍ය ලිපි සැකසුම් කටයුත්තක් සඳහා මෙම පහසුකම් ප්‍රමාණවත් වේ.

Home ටැබ් එක තුළ Clipboard, Font, Paragrapgh, Styles සහ Spelling යන Groups තිබේ.


Insert ටැබ් එක තුළ Tables, Pictures, Links යන Groups තිබේ.


View ටැබ් එක තුළ Document Views සහ Authors යන Groups තිබේ.

මෙම විකල්ප වලින් ඔබට සාමාන්‍ය වර්ඩ් තුළ හුරු පුරුදු ආකාරයෙන්ම ප්‍රයෝජන ලබාගත හැකියි.

එසේම File ටැබ් එකෙන් ලැබෙන මෙනුවෙන් මෙම ෆයිල් එකට අදාලව Save, Print, Share ආදී පහසුකම් ලබාගත හැකියි. මෙයින් සේව් කරගනු ලබන ෆයිල්ස් ඔබේ Sky Drive (https://skydrive.live.com) තුළ සුරැකේ.

අවශ්‍යනම් Open in Word පහසුකම හරහා අදාල වර්ඩ් ෆයිල් එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ඇති වර්ඩ් ඇප්ලිකේෂන් එකෙන් විවෘත කරගැනීමද කළ හැක. මෙය File මෙනුවෙන් මෙන්ම Home ටැබ් එකෙහි ඇති Button එකෙන්ද කරගත හැකියි.


එසේම අක්ෂර වින්‍යාස පරීක්ෂාව සඳහා අවශ්‍යවන භාෂාව තේරීමද Home ටැබ් එකේ Spelling button එකෙන් සිදු කළ හැකියි. ඒසඳහා ඔබ විසින් Set Proofing Language තෝරා අදාල භාෂාව තේරිය යුතුයි. (English US තේරීම සුදුසුයි).


ඉහත කොටසින් විස්තර කළේ Sky Drive හරහා වර්ඩ් ෆයිල් එකක් නිර්මාණය කරගන්නා හැටියි. මේ ආකාරයෙන්ම Excel, Powerpoint සහ Onenote ෆයිල්ද සාදාගත හැකියි. ඒවාද Sky Drive තුළම සේව් කර පසුව අවශ්‍යනම් ඕනෑම තැනක ඇති අන්තර්ජාල සම්බන්ධතාවය සහිත පරිගණකයකට භාගත කර හෝ නොකර වැඩ ගත හැකියි.

ඉහත ක්‍රමයට අමතරව Office.com (http://office.microsoft.com/en-us/) හරහාද ෆයිල්ස් සෑදිය හැකියි. නමුත් මෙහිදීද ඔබ යා යුත්තේ (Windows Live ID එකක් හරහා ලොග්වී) Sky Drive වෙතම නිසා ඉහත ක්‍රමයම භාවිතා කිරීම වඩාත් හොඳයි.


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


3) Files විවෘත කිරීම

මේ සඳහා ක්‍රම කීපයක් තිබෙනවා. එකක් නම් මා ඉහතින් සදහන් කළ ෆේස්බුක් ඉන්බොක්ස් එකට ලැබෙන ෆයිල්ස් සඳහා ඇති View on Office.com පහසුකම භාවිතා කිරීම.නැතහොත් දැනටමත් Sky Drive තුළ ඇති ෆයිල්ස් විවෘත කිරීමද Sky Drive තුළ ඇති එම ෆයිල් එක ක්ලික් කිරීමෙන් කළ හැකියි.

එසේත් නැත්නම් ඔබට අවශ්‍ය ෆයිල් එක ඔබේ පරිගණකයෙන් Sky Drive වෙත Upload කොට පහසුවෙන්ම එතැනින් නැවතත් Web Application එක හරහා විවෘත කරගත හැකියි.



ඉහත ක්‍රමයට අමතරව Office.com (http://office.microsoft.com/en-us/) හරහාද ෆයිල්ස් විවෘත කළ හැකියි. නමුත් මෙහිදීද ඔබ යා යුත්තේ (Windows Live ID එකක් හරහා ලොග්වී) Sky Drive හි Documents ෆෝල්ඩරය වෙතම නිසා ඉහත ක්‍රමය සහ මෙහි වැඩි වෙනසක් නැත.


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

මම හිතන්නෙ බොහෝදෙනෙකුට මේක ප්‍රයෝජනවත් ‍වේවි. නිතර භාවිතාවේදී කෙසේ වෙතත් හදිසියකදී ඔෆීස් නොමැති තැනත කාර්යයක් කරගැනීමට සිදු වූවොත් අනිවාර්යයෙන්ම මේ ගැන දැනගෙන සිටීම වැදගත් වේවි. එතකොට මාවත් මතක් වෙයි නේද :)

ටිකක් හදිසියෙන් වුණත් මේ ලිපියෙන් මූලික වශයෙන්ම විස්තර කළේ ඔෆීස් පැකේජය ඉන්ස්ටෝල් නොකරම ඉන් වැඩගතහැකි එක් ක්‍රමයක් පිළිබඳවයි. මෙවැනි තවත් ක්‍රම පිළිබඳ ඔබ දැනුවත්නම් ඒවාද කමෙන්ට්ස් තුළ සඳහන් කරන මෙන් ඉල්ලමින් නවතින්නම්.

Virtual ජීවිතයෙන් සමුගැනීම


බොහෝදෙනෙක් නිතරම අසන ප්‍රශ්නයක් තමයි කොහොමද Facebook ගිණුමක් තාවකාලිකව අත්හිටුවන්නේ (Deactivate) සහ ස්ථාවරවම ඉවත් කරන්නේ (Permenantly Delete) කියන කාරණා දෙක.

බොහෝ දෙනෙක් මේක හොඳින් දන්නවා ඇති. නමුත් නිතර අහන ගැටලුවක් නිසා මේවිදියට ඩොක් එකක් දෙන්න හිතුවා. මේ ඩොක් එකේ පළමු කොටස Deactivation සඳහාත් දෙවන කොටස Deletion සඳහාත් වෙන් කෙරෙනවා.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Deactivate කිරීම

ඔබට ඔබේ ගිණුම තාවකාලිකව අත්හිටුවිය යුතුනම් ඔබ කළ යුත්තේ මෙපමණකි.

ඔබේ ෆේස්බුක් මෙනුවෙන් Account Settings තෝරන්න.

 

ඉන්පසු Security වෙත යන්න.  
  

දැන් Security Tab එකෙහි පහළින්ම ඇති Deactivate Your Account මත ක්ලික් කරන්න.

   
ඉන්පසු ඔබ ගිණුම තාවකාලිකව ක්‍රියාවිරහිත කිරීමට හේතුව තොරන්න.

උදා - This is temporary. I'll be back තෝරන්න.


 ඔබට ඊමේල් පණිවුඩ ලැබීම, මිතුරන් ඔබව ටැග් කිරීම යනාදියද තාවකාලිකව නැවතිය යුතුනම් Opt Out ක්ලික් කරන්න.
 

දැන් Confirm මත ක්ලික් කරන්න.

ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඔබේ ෆේස්බුක් මුරපදය ලබාදී Deactivate Now මත ක්ලික් කරන්න.

 

අවසාන වශයෙන් අදාල Captcha Code එක නිවැරදිව type කර Submit කරන්න.

 

දැන් ඔබ ෆේස්බුක් වෙතින් ඉබේම logout වී ඔබේ ගිණුම තාවකාලිකව අත්හිටවූ බව තිරයේ දිස්වුන ඇත.


Deactivate කළ විට ඔබ නැවත ලොග් වන ඕනෑම අවස්ථාවක ඔබට නැවතත් පෙර පරිදිම කිසිදු වෙනසක් නැතිව ඔබේ ෆේස්බුක් ගිණුම විවෘත කරගැනීමට හැකිවේ.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

Delete කිරීම


ඔබේ ගිණුම ස්ථිරවම ඉවත් කළ යුතුනම්... 

පහත සබැඳියට පිවිසෙන්න.


ගිණුම මකා දැමීම සඳහා ඉල්ලීමක් කිරීමට Submit මත ක්ලික් කරන්න.

ඉන්පසු ලැබෙන වින්ඩෝවේ ඔබේ ෆේස්බුක් මුරපදය සහ පහත දී ඇති Captcha Code එක නිවැරදිව ඇතුළත් කර Okay කරන්න.

 

ඉන්පසු ලැබෙන සංවාද කොටුව Okay කරන්න. එවිට ඔබ ෆේස්බුක් තුළින් Logout වනු ඇති.

 

Delete කළ විට එසැණින් ඔබේ ගිණුම තාවකාලිකව ක්‍රියා විරහිත (Deactivate) වන අතර දින 14ක් ඇතුළත ස්ථිර ලෙසම ඉවත් වීම (Delete) සිදුවේ.

ඔබ නැවත ලොග් වුවහොත්...  

ඒ අතර කාලය තුළ නැවත ලොග් වීමෙන් ඔබට අවශ්‍යනම් ගිණුම මැකී යාම අහෝසි කළ හැකියි. ඔබ නැවත ලොග් වූ විට ඔබේ ගිණුම මැකී යන දිනය දැක්වෙන පණිවුඩයක් දිස්වේ.


එහි පහත ඇති Cancel Deletion මත ක්ලික් කිරීමෙන් මකා දැමීම සඳහා කළ ඉල්ලීම අත්හිටුවීමද, Confirm Deletion මත ක්ලික් කර මකා දැමීම සඳහා කළ ඉල්ලීම නැවත තහවුරු කිරීමද කළ හැක.

CD Burn කරන්න Nero ඕනෙමද?


ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන කතා කරද්දි Nero මෘදුකාංගයත් අපිට නැතිවම බැරි වෙලා. ඒතරමට අපි නීරෝට වහවැටිලා! කොටින්ම කීවොත් මම මේ මහන්සිවෙලා කියන්න යන මෘදුකාංගය නිකමට අත්හදාබලන්න නොසිතෙන තරමට ඒ ඇබ්බැහිය ප්‍රබල වෙන්න පුලුවන්.

හැබැයි පරිගණක උදවු යාලුවො අලුත් අලුත්දේ හොයන අයනෙ නේද :)...  

CD Burn කරන්න Nero ඕනෙමද? - CD Burn කරන්න Neroම ඕනෙද?

මේ කියන්න යන්නේ සියලු පහසුකම් වලින් යුත් නොමිලේ ලබාදෙන බර්නිං මෘදුකාංගයක් ගැනයි. සමහරු භාවිතා කරනවත් ඇති. දන්නවත් ඇති. මෙය 100%ක් නොමිලේ ලබාදුන්නත් Audio CD, VCD, DVD, Data, Image Burning වගේම data erasing, Image සෑදීම, Image Mount කිරීම යනාදි අවශ්‍ය සියලුම පහසුකම්වලින් පරිපූර්ණ මෘදුකාංගයක්. එසේම මෙය ඔබට කිසිදු ගෙවීමකින් හෝ අවසරයකින් තොරව “නොමිලේ“ බෙදාහැරීමද කළ හැකියි.

“StarBurn”
මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණය මෙතැනින් නොමිලේම ලබාගන්න පුලුවන්. ප්‍රමාණයෙන් එය 14MB ක් පමණයි.

ස්ථාපනය කරගැනීමෙන් පසුව සාමාන්‍ය පරිදි Start මෙනුවෙන් StarBurn තේරීමෙන් විවෘත කරගත හැකියි.


මෙහි ප්‍රධාන අතුරුමුහුණත ඉතා සරල අපිට හුරුපුරුදු කොටස් කීපයකින් යුක්තයි. ඉහළ සහ වම් පසින් ඇති ටාස්ක් පේන් භාවිතා කර ඔබට අවශ්‍ය කාර්යයන් ඉටුකරගත හැකියි. මේ කාර්යයන් නම් වශයෙන් මෙසේයි.

Audio Tasks
  • Audio CD Burn කිරීම
  • Audio CD පරිගණකයට කොපි කිරීම
  • WAV මාදිලියේ Audio ගොනු MP3 හෝ OGG මාදිලි වලට හැරවීම


Video Tasks
  • VCD/SVCD සහ DVD Burn කිරීම


Data Tasks
  • Data ආකාරයෙන් CD/DVD Burn කිරීම
  • Images Burn කිරීම
  • CD/DVD වලින් Image සැකසීම


Erase Tasks
  • CD/DVD මකාදැමීම


StarPort
  • ISO Images Mount කිරීම සම්බන්ධ දේ මීට අයත් වේ.

මෙම මෘදුකාංගයේ සියලුම තොරතුරු සහා කාර්යයන් සිදුකරන ආකාරය රූපසටහන් ආධාරයෙන් පියවරෙන් පියවර දැනගැනීමට ඔබේ හෙල්ප් මෙනුවෙන් StarBurn Help තෝරන්න.

නැතහොත් මෙම සබැඳියට පිවිසෙන්න.

Timeline ගැන සිංහලෙන්


වෙනස්වීම වෙනස්කළ නොහැකි බැවින් වෙනස්වීමට ආදරය කරමු :)

Facebook Timeline හඳුන්වා දීමත් එක්කම බොහෝදෙනෙක් ඒසඳහා Sign Up වුණා. තවත් බොහෝදෙනෙක් Developer Release එක ලබාගත්තා. ඒකාලයේම එහෙන් මෙහෙන් අහන්න ලැබුණා ඒ විදියට ටයිම්ලයින් එක ලබාගත් අයගේ ප්‍රොෆයිල් ඩිසේබල් කරන බවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ලබාගත් ටයිම් ලයින් එක ඉවත් කළා.

මේ සියලු දේ අතර ඔන්න දැන් Timeline එක ලැබෙමින් පවතිනවා.

ඒ සඳහා ඔබ https://www.facebook.com/about/timeline වෙත පිවිස Get Timeline Click කළ යුතුයි. නුදුරේම දිනක ඔබ සියලු දෙනාටම ටයිම් ලයින් එක සාමාන්‍ය ප්‍රොෆයිල් එක විදියට ලැබෙන බවයි කියැවෙන්නේ.

බොහෝ අය මේ අලුත් විදියේ ප්‍රොෆයිල් එකට කැමතියි. ඒත් තවත් අය අකැමැතියි. හේතුව විදියට ඇහෙන්නේ ටයිම් ලයින් එක වෝල් එකට වඩා වෙනස් වීමත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇති අවබෝධය අඩු වීමත්. ලංකාවේ අන්තර්ජාල සබඳතාවල දුප්පත් වේගය තවත් හේතුවක් වෙන්න පුලුවන්.

කොහොම වුණත් ටයිම්ලයින් එකේ කිසිම වරදක් නැහැ. වේගය අඩු කනෙක්ෂන් පාවිච්චි නොකරනවානම් දාගන්න බයවෙන්න ඕනත් නැහැ.

මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ හැකිතාක් දුරට පරණ ප්‍රොෆයිල් එක සහ ටයිම්ලයින් එක අතර සැසදීමක් තුළින් ටයිම් ලයින් එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් ලබාදීම.



Facebook වල ආරම්භයේ සිටම, ඔබේ Profile එක ඔබේ ජීවිත කතාව ඔබේ මිතුරන්ට කියාපෑමට යොදාගත් හොඳම ස්ථානය විය. රුචි අරුචිකම්, සිතුවිලි වැනි පුංචි පුංචි දේවල් වල සිට විවාහය, දරුවෙකුගේ උපත වැනි ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා දක්වාම විවිධ දේ අපි Facebook හරහා බෙදාහදාගැනීමට පුරුදුව සිටින්නෙමු.


Facebook profile එකේ විකාශය

Facebook වල මුල්ම කාලයේදී, ඔබේ profile එක ඉතා සරල එකක් විය. එහි ඔබේ නම, ඡායාරූපය, පාසල වැනි පුද්ගලයෙක් ඔබ හඳුනාගන්නා විට අසා දැනගනු ලබන මූලික විස්තර කීපයක් පමණක් එහි ඇතුළත් විය.

කාලයත් සමග, ඔබ සහ ඔබේ මිතුරන් සමග සන්නිවේදනය සැබෑ ආකාරයට ආසන්නව වඩාත් හොඳින් කළ හැකි ආකාරයට ඔබේ ප්‍රොෆයිල් එක දියුණු කෙරිණි. නමුත්, Facebook අවධානය යොමු කරන්නේ ඔබ මෑතකදී පල කළ දේ පිළිබඳව නිසා, කලකට ඉහත පල කළ ඔබේ ජීවිතයේ  වැදගත් අවස්ථා පිටුව තුළ පහළ සැඟවී යන්නේ නිරායාසයෙනි. ඔබේ උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූප ඔබ අද upload කළ උදේ ආහාරය ගන්නා හැටි දැක්වෙන ඡායාරූප වැනි අඩු වැදගත්කමින් යුත් තොරතුරු වලින් වැසීයා හැක.

අපි හිතමු ඔයාගෙ පරණ යාලුවෙක් මුණ ගැහුණා කියලා....ඒ මිතුරාට ඔබ උදේට ගත් ආහාරයටත් වඩා වැදගත් දේ බොහෝ තිබේ! එහෙම නේද?

දැන් තිබෙන Profile එක නිසා ඔබේ ජීවිත කතාවෙන් 99%ක්ම සැඟවී යයි. පරණ වැදගත් පෝස්ට් ලබා ගැනීමට ඇති එකම ක්‍රමය "Older Posts" මත නැවත නැවත ක්ලික් කරමින් පහළට යාමය!


 මේ තොරතුරු මීට වඩා ලේසියෙන්, පහසු ක්‍රමයකින් එකම තැනකට ලබාගන්න තිබුණානම් කොයිතරම් හොඳද නේද!



හඳුන්වාදෙන timeline – අලුත්ම විදියක Profile එකක්

Timeline සමග, ඔබ මේ වන විට Share කරගත් වැදගත් සියලු අවස්ථා වලට ඉඩක් ලැබෙනු ඇත. මේ වැදගත් තොරතුරු ඔබ එකතු කරන අලුත් තොරතුරු, Updates නිසා සැඟවී යන්නේද නැත.

 Timeline යනු ඔබේ පැරණි profile එකට වඩා ඉතා පුළුල් සංකල්පයක් වනවා සේම, එය වැඩි වශයෙන් දෘශ්‍යතාවය මත පදනම් වේ. එනම් වැඩිපුර රූප ආදිය භාවිතා කරන්නකි..  ඔබට මෙහිදී මුලින්ම ඇස ගැටෙන්නේ ප්‍රොෆයිල් එක මුදුනින්ම ඇති විශාල ඡායාරූපයකි. මෙය ඔබේ cover එක ලෙස හැඳින්වෙන අතර, එය ඔබ කැමති පරිදි කැමති ඡායාරූපයකින් සරසා ගත හැකිය.

ඔබ cover එකෙහි සිට එහි පහතට scroll කරගෙන එනවිට, ඔබට ඔබේ posts, photos සහ විවිධ අවස්ථා ඒවා සිදුවූ කාලයට අනුරූපව දැකගත හැකි වේවි. මේවාද ඔබටම තෝරා ගැනීමේ පහසුකම ඇත. ඔබට “star“ කිරීම මගින් (තරු සලකුණ ක්ලික් කිරීම) ඔබේ ප්‍රියතම දේවල් ප්‍රමාණයෙන් දෙගුණයක් කොට නැරඹීම හෝ යළි කුඩා කර තැබීම කළ හැකිය. 

හිස්තැන් පිරවීම

ඔබේ වැදගත්  තොරතුරු ඔබේ Timeline එකට එකතු වී නැත්නම්, ඔබට ඒවා සිදුවූ කාලයට අනුව නැවත එකතු කරගැනීමේ පහසුකමද ඇත.

 
එසේත් නැත්නම් ඔබේ activity log එක වෙත පිවිසෙන්න. ඔබ විසින් Facebook සමග එක් වූ දා සිටම Share කරගත් ඔබේ සියලු තොරතුරු ඇතුළත් වන්නේ මෙතැනයි. මෙහි ඇති ඕනෑම post එකක් මත ක්ලික් කිරීමෙන් එය ඔබේ මිතුරන්ටද පෙනෙන ආකාරයෙන් Timeline එකට ඇතුළත් කරගතහැකිය. 


ඔබේ TimeLine එකට apps එකතු කිරීම

හඳුන්වාදෙන නවතම ආකාරයක social app එකක් හරහා ඔබට ඔබ Timeline එක තුළ දර්ශනය කිරීමට කැමති දේ (ඔබ අසන්නට කැමති සංගීතය,  ලබාගත් ලකුණු සහ තවත් බොහෝදේ) පෙන්වීමේ අවස්ථාව ලබාදේ.

මෙම apps මගින් ඔබට ඔබේ මිතුරන් කරන කියන දේ පිළිබඳවද දැනගැනීමට ඉඩ ලැබේ. ඔබට අවශ්‍ය නම් ඔවුන් සමග join වීමටද පුලුවන. (ඔවුන් අසන ගීතය ඇසීමට, ඔවුන් නරඹන රූපවාහිනී වැඩසටහනම නැරඹීමට වැනි).

ඔබට මෙම අලුත් apps එකතු කිරීම අදම ඇරඹිය හැකි නමුත් timeline එක තවත් සති කීපයක් වනතුරු ඔබට ලබාගැනීමට නොහැකි වනු ඇත.

ඔබේ Timeline එක ඔබට ලැබුණු බවට Facebook මගින් දැනුම් දුන් පසුව, ඔබට එය එම අවස්ථාවේදීම publish කිරීමට හෝ දින කීපයක් එහි ගුණ දොස් විචාරාලීම සඳහා හෝ දැනට එකතු නොවූ දේ එකතු කිරීම සඳහා හෝ Options ලැබෙනු ඇත.

දැන්, ඔබ සහ ඔබේ මිතුරන්ට ඔබේ ජීවිත කතාවේ වෙනස් අවස්ථා පැවසීමට හැකි වනු ඇති. එදිනෙදා කරන පුංචිම දේවල් වල සිට ජීවිතයේ වැදගත් අවස්ථා දක්වාම. ඔබේ කතාව කුමක් වේවිද? ඒ ගැන දැනගන්න මා නොඉවසිල්ලෙන්.

වැඩිදුර තොරතුරු සඳහා https://www.facebook.com/about/timeline වෙත පිවිසෙන්න.


  

TimeLine එක ලබා ගැනීමට දැන්ම Sign Up වීම සඳහා ඉහත පිටුවේ ඇති Sign Me Up බොත්තම භාවිතා කරන්න.

“TimeLine is Coming Soon, We'll Let you know as soon as it's ready"

ඔබ Sign Up වී ඇත්නම් Get Timeline මත ක්ලික් කරන්න.



ඔබ ටයිම් ලයින් එක ලබාගත් පසුව පිටුවේ ඉහළින් විකල්ප දෙකක් ලැබේවි.
  1. Take a Tour
  2. Publish Now


Take a Tour ක්ලික් කිරීමෙන් ඔබට ටයිම් ලයින් එකේ මූලික කරුණු 5ක් පිළිබඳ දැනගත හැකියි. මෙය අවශ්‍යනම් පමණක් බලන්න. 
නැත්නම් කෙළින්ම Publish Now ක්ලික් කරන්න.

Publish Now මත ක්ලික් කිරීමෙන් ඔබට ඔබේ ටයිම් ලයින් එක අනිත් අයටද පෙනෙන ලෙස පබ්ලිෂ් කරගත හැකියි.

පබ්ලිෂ් කළා හෝ නොකළා හෝ 2011 දෙසැම්බර් 22වැනිදා සිට ඔබට ටයිම් ලයින් එක අනිවාර්යයයෙන්ම ලැබේවි.

දැන් අපි පරණ ප්‍රොෆයිල් එක දිහා බලමුකෝ....


මේ තියෙන්නේ ටයිම්ලයින් එක.

මේ විදියට වෙනස් වෙන්නේ ඔයාගෙ Profile එකේ Layout එක විතරයි. ඒනිසා Timeline ආවම ඒක ලොකු හිසරදයක් කරගන්න ඕන නැහැ.

කොටින්ම කියනවනම් කලින් Wall එක කියල හැඳින්වූ දේ දැන් හඳුන්වන්නේ Timeline කියලයි. හැඩය ටිකක් වෙනස් වුණත් අන්තර්ගතය කලින් විදියමයි.

අපි බලමු මොනවද වෙලා තියෙන වෙනස්කම් කියලා. 



COVER

මුලින්ම පේන්න තිබෙන වෙනස්කම තමයි Profile Cover එක. Cover එක කියන්නේ ඔයාගෙ Profile එකේ ඉහළින්ම පේන පික්සල් 815x351 ප්‍රමාණයේ විශාල ඡායාරූපයක්. මේසඳහා සුදුසු ඡායාරූපයක් ඔබට ඔබේ පරිගණකයෙන් හෝ ඇල්බම් එකකින් තෝරාදිය හැකියි.

Cover එකට ඡායාරූපයක් ලබාදීම සඳහා ඔබ කළයුත්තේ මෙපමණයි.
  • ඔබේ ප්‍රොෆයිල් එකේ ඉහළ ප්‍රදේශයට මවුස් පොයින්ටරය තබන්න.
  • එවිට ලැබෙන Add a Cover මත ක්ලික් කරන්න. ඉන්පසු ලබාදී ඇති විකල්ප භාවිතා කර ඔබේ ඡායාරූපය එකතු කරගත හැකියි.


 

  • ඔබ ලබාදී ඇති කවර් එකක් වෙනස් කිරීම සඳහා Change Cover භාවිතා කරන්න.

  • Chose from Photos මගින් ඔබට දැනටමත් ඔබ අප්ලෝඩ් කර ඇති ඇල්බමයකින්ද, Upload Photo මගින් ඔබේ පරිගණකයෙන්ද ඡායාරූපයක් තෝරාදිය හැකියි. 
  • Reposition මගින් ඔබ දැනට ලබාදී ඇති සේයාරුවේ පෙනෙන කොටස එහා මෙහා කළ හැකියි.
  • Remove මගින් දැනට Cover එකට ලබාදී ඇති ඡායාරූපය ඉවත් කළ හැකියි.  
  • Cover එක සඳහා ඔබ ලබාදෙන ඡායාරූප Cover Photos නමින් වෙනම ඇල්බම් එකකට එකතු වේ. මෙම ඇල්බම් එක Public හෙවත් ඕනෑම කෙනෙකුට දර්ශනය වන ආකාරයේ එකක් බවද සිහි තබාගත යුතුය. (යම් හෙයකින් මෙම ඡායාරූප මකාදැමීමට අවශ්‍යනම්, මෙම ඇල්බමයට ගොස් සාමාන්‍ය ඡායාරූපයක් ආකාරයටම ඉවත් කළ හැක).



Profile Picture

පැරණි ප්‍රොෆයිල් එකේ ඉහළ වම්පස තිබූ ඔබේ ප්‍රොෆයිල් පින්තූරය දැන් ඇත්තේ Cover එකට පහළිනි. මෙය වෙනස් කරගැනීම සඳහාද Profile Picture එක මතට මවුස් පොයින්ටරය තැබූවිට ලැබෙන මෙනුව භාවිතා කළ හැකියි.

  • Choose From Photos මගින් ඔබ දැනටමත් අප්ලෝඩ් කර ඇති ඇල්බම් එකකින්ද, Take Photo මගින් ඔබේ Web Cam එක භාවිතයෙන්ද, Upload Photo මගින් ඔබේ පරිගණකයෙන්ද ඡායාරූපයක් තෝරාදිය හැකියි.
  • Edit Thumbnail මගින් ඔබේ ඡායාරූපය කුඩා සමචතුරශ්‍රාකාර හැඩයෙන් දිස්වන ආකාරය වෙනස් කිරීමද, Remove මගින් ඡායාරූපය ඉවත් කිරීමද කළ හැක.


කලින් ප්‍රොෆයිල් එකේ ඔයාගෙ ප්‍රොෆයිල් පින්තූරයට පහළින් තිබුණ මේ දේවල් මතකද?


දැන් මේ සියල්ල ඇත්තේ ඔබේ Cover එකට පහළින්ය. මේ හැරුණු විට ඔබේ නමට පහළින් තිබූ විස්තරද ඇත්තේ මෙම කොටස්ය.


සාමාන්‍යන් දර්ශනය වන්නේ Friends, Photos, Likes, Notes ආදී කොටස් හතරකි. ඉතිරිය නැරඹීම සඳහා හතරවැන්නට පසුව ඇති කුඩා අයිකනය භාවිතා කළහැක.

එසේම මේ එක් එක් Item එක මත (Friends, Photos හැර අනෙත් ඒවා මත) මවුස් පොයින්ටරය තැබූ විට ලැබෙන කුඩා පැන්සලක Icon එක මගින් මේවායේ පිළිවෙල වෙනස් කිරීම (Swap Position), ඉවත් කීරීම (Remove) කළ හැකියි. + ලකුණ භාවිතා කර තවත් දේ එක් කරගැනීමටද හැකියි.

 




Edit Profile!

පැරණි ප්‍රොෆයිල් එකේ තිබුණු මේ දේවල් මතකද?


Timeline එකේදී මේ කොටස් ඇති තැන් සහ භාවිතා කරන නම් වෙනස් වී තිබෙනවා.
 ►

Edit Profile යටතේ තිබූ සැකසුම් සඳහා පිවිසීමට ඔබේ Cover එකට පහළින් ඇති Update Info වෙත පිවිස එහි ඇති Edit මත ක්ලික් කරන්න.

එම තොරතුරු වල Privacy සැකසුම්ද එහිදීම වෙනස් කරගත හැකිය. වෙනස් කම් කිරීමෙන් පසු Done Editing ක්ලික් කිරීමෙන් සේව් කළ හැකියි.
පැරණි ප්‍රොෆයිල් එකේ View As... ලෙස තිබූ පහසුකම සහ Profile Badge එක නිර්මාණය කිරීම යන කාර්යයන් දෙකම සඳහා දැතිරෝද සලකුණ භාවිතා කරන්න.


ඔබ ටයිම් ලයින් එක පහළට Scroll කරන විට ලැබෙන විකල්ප භාවිතා කර පහසුවෙන්ම ඔබට අවශ්‍ය දේ තෝරාදිය හැක.

  • Timeline ක්ලික් කිරීමෙන් ඔබට Photos, Likes ආදී විකල්ප වෙත යා හැකියි.
  • Now ක්ලික් කිරීමෙන් ඔබට නැරඹීමට අවශ්‍ය කාලය (වසර, මාසය)



 ACTIVITY LOG

මෙය ඔබේ පැරණි ප්‍රොෆයිල් එකේ නොතිබුණු අලුත් ඉතා වටිනා පහසුකමකි. ඔබ Facebook අඩවියට පැමිණි දා සිට මේවනතුරු කළ කී සියලුම දේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සියලුම දේ මෙහි ඇතුළත් වේ. (ඔබේ Activity Log එක දිස්වන්නේ ඔබටම පමණි)


මෙහි විශේෂත්වය නම් ඔබ කළ කී සියලු දේ එම කාලයට අනුව ඉතා පහසුවෙන් සොයාගත හැකිවීමයි. දැන් පැරණි ප්‍රොෆයිල් එකේ මෙන් Older Posts ක්ලික් කරමින් නැවත නැවත පහළට යායුතු නොවේ. ඔබ කළයුත්තේ අදාල වර්ෂයේ මාසය තේරීම පමණි.


එසේම එක් එක් අයිතමයේ දකුණු කෙළවර ඇති කුඩා අයිකනය භාවිතා කර ඔබේ Activities වලට සීමා පැනවිට හැකියි.


  • Featured on Timeline - සාමාන්‍යයෙන් ඔබේ ටයිම්ලයින් එක තීරු දෙකකින් යුක්ත වේ. මෙම Featured on Timeline විකල්පය තේරීමෙන් ඔබට අදාල පෝස්ට් එක මෙම තීරු දෙකටම විහිදීයන සේ විශාල කරගත හැකියි.
  • Hidden from Timeline - මෙම විකල්පය මගින් ඔබට ඔබේ පෝස්ට් Timeline එකෙන් සැඟවිය හැකියි.
  • Delete Post මගින් එම පෝස්ට් එක මාකාදැමිය හැකියි.
  • Add Location මගින් ස්ථානයද Change date මගින් දිනයද වෙනස් කළ හැකියි. Report කිරීම හෝ Spam ලෙස සලකුණු කිරීමද මෙතැනින්ම කළ හැකියි.* පෝස්ට් එකේ ස්වභාවය අනුව මෙම විකල්ප වෙනස්වේ.

අවසන් වශයෙන් Activity Log එකේ ඉහළ දකුණු කෙළවර ඇති මෙනුව භාවිතයෙන් පෙන්විය යුතු අයිතම පෙරාගැනීමද කළ හැක.
 




Posting

ඔබ ඔබේ wall එකට පෝස්ට් එකතු කළ සේම ඊට වඩා වැඩි විකල්ප යටතේ Timeline එකටද පෝස්ට්ස් එකතු කළ හැකියි. 

  • Status මගින් Status Updates යෙදීම/ පෝස්ට් කිරීමද, Photo මගින් Photos/Videos අප්ලෝඩ් කිරීම සහ ඇල්බම සැකසීමද, Place මගින් ඔබේ ගමන්මග පිළිබඳ මිතුරන් දැනුවත් කිරීමද අවසාන වශයෙන් Life Event මගින් ඔබේ ජීවිතයේ වැදගත් අවස්ථා එකතු කිරීමද කළ හැකියි. (මෙම අවස්ථා ටයිම්ලයින් එක තුළ විශේෂ වැදගත්කමකින් දර්ශනය වේ) 




Timeline

මින් පෙර තිබූ ඔබේ Wall එක අලුත්ම ආකෘතියක්ද ඇතිව දැන් හඳුන්වන්නේ Timeline නමින්ය. මෙහි ඔබ විසින් Timeline එක තුළ දර්ශනය වීමට අවසර දී ඇති දේ දිස්වේ. මෙම පෝස්ට් වල ඉහළ දකුණු කෙළවර ඇති තරු සලකුණ භාවිතා කර Star කිරීම හෝ සාමාන්‍ය පරිදි දර්ශනය කිරීම කළ හැකියි. (තීරු දෙකම භාවිතා වන/නොවන ආකාරයට). 


එසේම කුඩා පැන්සලක සලකුණ මගින් තවත් විකල්ප ලබාගත හැකියි. (උදා - යම් පෝස්ට් එකක් Timeline එකෙන් සැඟවිය යුතුනම් Hide from Timeline ක්ලික් කරන්න)




Navigation

නව ෆේස්බුක් ප්‍රොෆයිල් අතුරු මුහුණත Timeline ලෙස හැඳින්වීමට හේතුව නම් එහි ඇති සියලුදේ කාලයට අනුරූපව පිළිවෙලින් සකසාගත හැකි වීමයි. මෙසේ සකසාගත් තොරතුරු ඒ ඒ වර්ෂයේ ඒ ඒ මාසය යනාදී වශයෙන් ඉක්මණින් ලබාගැනීම සඳහා Profile (Timeline) එකේ ඉහළ දකුණු පස ඇති Navigation පහසුකම භාවිතාකළ හැකියි.

මෙමගින් නැවත නැවතත් Older Posts ක්ලික් කිරීමෙන් තොරවම, අද සිට ඔබේ උපන්දිනය දක්වා පසුපසට පහසුවෙන්ම යාහැකියි.




Add Friend, Poke සහ Report/Block

ටයිම් ලයින් එක තුළ ඇඩ් ෆ්‍රෙන්ඩ් බට්න් එක පෙන්වන්නේ ප්‍රොෆයිල් එකේ Cover එකට පහළිනි. ඒ අසළින්ම Subscribe සහ Message විකල්පද ඊට පසුව ඇති දැති රෝද සලකුණ මගින් Poke සහ Report/Block විකල්පද ලැබේ.




ඕක තමයි ඉතින් Timeline කියන්නෙ.

ලොකු වෙනසක් නැහැ.

කලින් තිබුණු Profile Wall එකම අලුත් ආකෘතියකින් සහ වැදගත් පහසුකම් කීපයක් ඇතිව වෙනස් වෙලා.
එච්චරයි.

දැන් ටයිම්ලයින් හිසරදයක් නෙමෙයිනේද? :)